Life
මැක්කන්ගේ ඛේටයෙහි (කෙල) පවතින ප්‍රොaටීන් යොදාගෙන තරුණ තරුණියන්ගේ හදිසි
මරණයන්ට පවා හේතු විය හැකි දරුණු හෘද රෝග තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා
නව බෙහෙතක් නිපදවිය හැකි බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆ්ර්ඩ් සරසවියෙහි
විද්‍යාඥයන් පිරිසක් සිය පර්යේෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
මෙම
පර්යේෂණයන්ට අනුව හෘදය වස්තුවෙහි අකර්මණ්‍යතාවයකට මඟ පාදන මයෝකාඩිටිස්
නමැති හෘද රෝග තත්ත්වය වැළැක්වීම සඳහා මෙම මැක්කන්ගේ ඛේටයෙහි අඩංගු
ප්‍රොaටීන්වලට විශිෂ්ඨ ඝනයේ හැකියාවක් ඇති බව තහවුරු වූ බව විද්‍යාඥයෝ
ප්‍රකාශ කර සිටිති.
පර්යේෂණයන් පැවැත්වූ ඔක්ස්µaර්ඩ් සරසවියෙහි
විද්‍යාඥයන්ට අනුව මැක්කන් යනු නවතම ඖෂධ නිපදවිය හැකි රන් ආකාරයකි. මෙම
මැක්කන්ගේ ඛේටයෙහි අඩංගු ප්‍රොaටීන්, ආඝාතය (ස්ට්‍රොaක්) හා ආත්රයිටිස්
යන රෝගවලට ඵලදායි අයුරින් ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බව පර්යේෂණ වලින්
අනාවරණය වී තිබේ.
මැක්කන්ට කිසිවෙකු නොදැනීම විදීමට හැකියාවක්
පැවතීම නිසා මිනිසාට හෝ සතුන්ට දිනකට අට වරක් හෝ දස වරක් කිසිදු
වේදනාවක් නොදැනෙන අයුරින් විඳීමට හැකි බව අනාවරණය වී තිබේ.
හෘදය
වස්තුව අකර්මණ්‍ය කිරීමට හේතු වන "චෙමොකින්ස්" නමැති රසායනිකයන් නිකුත්
වීම වැළැක්වීමට මැක්කන්ගේ ඛේටයෙහි අඩංගු ප්‍රොaටීන්වලට හැකි බව අනාවරණය
වී තිබේ.
"මයෝකාඩිටිස්" වැනි හෘදය වස්තුව අකර්මණ්‍ය වීමට හේතු වන
හෘද රෝග තත්ත්වයකදී ඇතැමුන්ට හදවත් බද්ධ කිරීමේ සැත්කමක් පවා කිරීමට
අවශ්‍ය වන නිසා මෙම සොයා ගැනීම වැදගත් එකක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
'මයෝකාඩිටිස්' නමැති හෘද රෝග තත්ත්වය දරුණු තත්ත්වයක් වන අතර එම තත්ත්වය
සුවපත් කිරීම සඳහා දැනට පවතිනුයේ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පමණකි. මෙම
දරුණු හෘද රෝග තත්ත්වය වළක්වා මිනිසුන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීම
සඳහා ජීවිතාරක්ෂක ප්‍රතිකාරයක් මැක්කන් ආශ්රයෙන් නිපදවීමට හැකියාව ඇති
බව සොයා ගැනීම වැදගත් බව ඔක්ස්µර්ඩ් සරසවියෙහි මහාචාර්ය ෂවුමෝ
භට්ටාවාර්ය පවසයි.
මෙම මැක්කන් ආශ්‍රිතව නිපදවන ඖෂධය මගින්
හෘදයාබාදයන්, ආඝාතය (ස්ට්‍රොaක්), ආතරයිටිස්, පැන්ක්රියටයිටිස් වැනි
රෝගවලට ප්‍රතිකාර කළ හැකි බව ඔහු සඳහන් කළේය.
මැක්කන්ගේ ඛේටයෙහි ප්‍රොaටීන් වර්ග 3000 ක් පමණ අන්තර්ගත වන බව අනාවරණය වී ඇති අතර එය මැක්කාගේ වර්ගය මත ර¹ පවතී.
බටහිර විද්‍යාඥයින් දැන් කෘත්‍රිම ජාන යොදා ගෙන නිපද වූ යීස්ට්වල මැක්කන්ගේ ඛේටයෙහි අඩංගු ප්‍රොaටීන් වගා කිරීමට හැකි වී තිබේ.
මෙම
පර්යේෂණයන් තවමත් පර්යේෂණාගාර තුළ සිදු කර ඇති නිසා මෙම නවතම ඖෂධයන්
මනුෂ්‍යයන්ට භාවිත කිරීම සිදු කිරීමට තවත් වසර ගණනාවක් ගත විය හැකි වුවද
මැක්කන්ගේ ඛේටය අතිශයින් සාර්ථක ඖෂධයක් නිපදවීමට හැකි ද්‍රව්‍යයක් බව
ඔහු කියයි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks